மதில் சுவர் இடிந்து வீழ்ந்ததில் மாணவி உயிரிழப்பு...
வெல்லம்பிட்டிய, வெஹெரகொட வித்தியாலயத்தில் நீர் குழாய் பொருத்தப்பட்ட சிவர் இடிந்து விழுந்ததில் துரதிஷ்டவசமாக முதலாம் தரத்தைச் சேர்ந்த சிறுமி ஒருவர் இன்று (15) உயிரிழந்துள்ளார்.
இந்த விபத்தில் மேலும் 5 குழந்தைகள் காயமடைந்தனர்.
இந்த விபத்தில் செஹன்சா நெத்மி என்ற சிறுமி உயிரிழந்துள்ள நிலையில், அவரது 6வது பிறந்தநாள் இன்றாகும்.
வெல்லம்பிட்டிய வெஹெரகொட கல்லூரியின் முதலாம் தரம் வகுப்பறைக்கு முன்பாக உள்ள தண்ணீர் குழாயில் கை கழுவுவதற்காக மாணவர்கள் குழுவொன்று சென்றுள்ளனர்.
வழக்கம் போல் இடைவேளை நேரமான காலை 10.30 மணியளவில் அவர்கள் அங்கு சென்றுள்ளனர்.
சிவர் திடீரென இடிந்து விழுந்ததில் கை கழுவிக்கொண்டிருந்த 6 மாணவர்கள் காயமடைந்துள்ளனர்.
அங்கு, கான்கிரீட் கட்டில் இரண்டு மாணவிகள் சிக்கிக் கொண்டனர்,
கான்கிரீட் கட்டுக்குள் சிக்கிய இரண்டு மாணவிகளை மீட்க ஆசிரியர்கள், பெற்றோர்கள் மற்றும் அயலவர்கள் ஆகியோர் இரண்டு மாணவிகளை காப்பாற்ற பெரும் முயற்சிகளை மேற்கொண்டுள்ளனர்.
காயமடைந்த 6 மாணவர்களில் 2 மாணவிகளும் 3 மாணவர்களும் உடனடியாக கொழும்பு தேசிய வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டுள்ளனர்.
கான்கிரீட் கட்டுக்குள் சிக்கி பலத்த காயங்களுக்கு உள்ளான செஹன்சா நெத்மி மருத்துவமனைக்கு கொண்டு செல்லும் போது ஏற்கனவே உயிரிழந்து விட்டதாக கூறப்படுகிறது.
காயமடைந்த மற்றைய மாணவி லேடி ரிட்ஜ்வே சிறுவர் மருத்துவமனையில் அனுமதிக்கப்பட்டுள்ளார்.
இந்த விபத்தில் வெல்லம்பிட்டிய வெஹரகொடெல்ல வீதியில் வசித்து வந்த செஹன்சா நெத்மி கோதாகொட என்ற சிறுமி உயிரிழந்துள்ளார்.
செஹன்சா, இரண்டு மூத்த சகோதரர்களின் அன்பான சகோதரி, செஹன்சாவின் தாய் வெளிநாட்டில் இருக்கிறார்.
விபத்தில் உயிரிழந்த செஹன்சாவின் சகோதரர்,
"அது என் தங்கை. அவள் தோழிகளுடன் விளையாடிக் கொண்டிருந்தாள். ஒரு தம்பி இருந்தான். அந்த தம்பி அந்தச் சுவர் மேல் ஏறியவுடன் அது உடைந்து தங்கையின் மேல் விழுந்தது."
இதேவேளை விபத்தினால் ஏற்பட்ட பீதியால் மாணவர்கள் வெளியே செல்லாதவாறு பாடசாலையின் வாயிலை மூடுமாறு அதிபர் அறிவுறுத்தியதையடுத்து ஆத்திரமடைந்த பெற்றோர்கள் குழுவொன்று பாடசாலைக்கு வந்து அதிபரை தாக்கியுள்ளனர்.
காயமடைந்த அதிபர் மருத்துவமனையில் அனுமதிக்கப்பட்டுள்ளார்.
கிராண்ட்பாஸ் மற்றும் தெமட்டகொட பொலிஸ் உத்தியோகத்தர்களுக்கு மேலதிகமாக பொலிஸ் விசேட அதிரடிப்படை அதிகாரிகளும் பாடசாலைக்கு வரவழைக்கப்பட்டு நிலைமையை கட்டுக்குள் கொண்டுவந்தனர் .
இன்று அதிபரின் பிறந்தநாள் என்றும், அதற்காக அவர் பிள்ளைகளுக்கு டோஃபி மற்றும் லொலிபாப்களை விநியோகித்ததாகவும் தெரிவிக்கப்படுகிறது.
விபத்து நடந்த இடத்தில் இன்று குற்றவியல் விசாரணை மற்றும் அளுத்கடை இலக்கம் 4 பதில் நீதவான் திரு. சாந்த ஹேரத் அவர்களினால் நீதவான் விசாரணை நடத்தப்பட்டது.
மேலதிக விசாரணைகளுக்காக கொழும்பு தேசிய வைத்தியசாலைக்கும் நீதவான் விஜயம் செய்தார்.
குடிநீர் குழாய்கள் பொருத்தப்பட்ட கட்டிடம் முறையான தரத்தில் அமைக்கப்படாததே விபத்துக்கு காரணம் என பெற்றோர் மற்றும் அயலவர்கள் குற்றம் சாட்டுகின்றனர்.
கட்டுமானம் தரையுடன் சரியாக இணைக்கப்படவில்லை என்பதை காட்சிகளில் இருந்து தெளிவாகக் காணலாம்.
இன்று இதே பாடசாலையில் தரமற்ற தண்ணீர் குழாய்கள் கொண்ட வேறு கட்டுமானங்கள் இருப்பதை அவதானிக்க முடிந்ததாக எமது செய்தியாளர் தெரிவித்தார்.
இருப்பினும், இந்த கவனக்குறைவு இறுதியில் ஒரு அப்பாவி குழந்தையின் உயிரை பறித்துள்ளது.
மேலும், இந்த மரணம் அபாயகரமான கட்டுமானங்கள் இனிமேல் ஒரு பாடசாலையில் இருக்கக் கூடாது என்ற செய்தியைக் கொடுத்து, அதிகாரிகளின் கண்களை விழிக்க வைத்துள்ளது.
පාසල් බැම්ම කඩාවැටුණු හැටි හෙළිවෙයි..
වැල්ලම්පිටිය, වෙහෙරගොඩ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ බැම්මක් කඩාවැටී පළමු ශ්‍රේණියේ පුංචි දැරියකට අවාසනාවන්ත ලෙස අද (15) දිවි අහිමි විය.
තවත් දරුදැරියන් 05 දෙනෙකු අනතුරින් තුවාල ලැබීය.
අනතුරින් මියගියේ සෙහන්සා නෙත්මි නම් දැරියක් වන අතර ඇයගේ 6 වැනි උපන්දිනය ද යෙදී ඇත්තේ අද දිනටය.
වැල්ලම්පිටිය, වෙහෙරගොඩ විද්‍යාලයේ පළමු වැනි ශ්‍රේණියේ පන්ති කාමරය ඉදිරිපිට පිහිටි ජල කරාම පෙළ වෙත සිසු සිසුවියන් පිරිසක් ගොස් තිබුණේ අත් සේදීම සඳහාය.
විවේක කාලය යෙදී තිබුණු පෙරවරු 10.30ට පමණ ඔවුන් එහි ගොස් තිබුණේ වෙනදා පරිදි, පුරුදු දඟකාරකමිනි.
අත් සෝදමින් සිටි සිසු සිසුවියන් 6 දෙනෙකු අනතුරට ලක්කරමින් නොසිතූ ලෙස එක්වරම එම ඉදිකිරීම කඩා වැටී තිබුණි.
එහිදී, මෙම වෙන්වී ගොස් ඇති කොන්ක්‍රීට් කොටස තුළ සිසුවියන් දෙදෙනෙක් සිරවී තවත් සිසු සිසුවියන් සිව් දෙනෙකුටද තුවාල සිදුවුණි.
කොන්ක්‍රීට් කොටස තුළ සිරවූ සිසුවියන් දෙදෙනා බේරාගැනීමට ගුරුවරු, පාසලට පැමිණ සිටි මව්පියන් මෙන්ම අනතුර සැලවූ අසල්වාසීන් ඇතුළු පිරිසක් මහත් පරිශ්‍රමයක් දරා තිබුණි.
තුවාල ලැබූ සිසු සිසුවියන් 6 දෙනාගෙන් සිසුවියන් දෙදෙනෙකු හා සිසුන් 3 දෙනෙකු කොළඹ ජාතික රෝහලට කඩිනමින් ඇතුළත් කෙරුණි.
කොන්ක්‍රීට් කොටස තුළ සිරවී බරපතළ තුවාල ලබා සිටි සිසුවිය රෝහල්ගත කරනවිටත් මෙලොව හැරගොස් තිබූ බව වාර්තා විය.
තුවාල ලැබූ අනෙක් සිසුවිය ඇතුළත් කෙරුණේ, රිජ්වේ ආර්යා ළමා රෝහලටය.
අනතුරින් ජීවිතය අහිමි වුණේ, සෙහන්සා නෙත්මි කෝදාගොඩ නමැති දැරියටය.
ඇය වැල්ලම්පිටිය, වෙහෙරගොඩැල්ල පාර ප්‍රදේශයේ පදිංචිව සිටියේය.
හද සලිත කරවන කරුණ නම් පුංචි සෙහන්සාගේ 06 වැනි උපන්දිනයද අදට යෙදී තිබීමය.
වැඩිමල් සහෝදරයින් දෙදෙනෙකුගේ සුරතල් නැගණියක් වන සෙහන්සාගේ මව විදෙස්ගතවී සිටින අතර ඔවුන් හැදීවැඩී තිබුණේ සිය මිත්තණිය සමගය.
අනතුරෙන් මියගිය සෙහන්සාගේ සහෝදරයා,
"ඒ මගේ නංගි. යාළුවෝ එක්ක සෙල්ලම් කර කර හිටියා. මල්ලි කෙනෙක් හිටියා. ඒ මල්ලි අර තාප්පේ උඩට නැග්ග ගමන් ඒක කඩන් වැටුණා. ඒක ඇඟට වැටුණා."
ඇගේ පියා එම නිවස අසල වෙනම නිවසක පදිංචිව සිටින බවද වාර්තා වෙයි.
මේ අතර අනතුර සැලවීමත් සමග ඇතිවූ කලබලකාරී තත්ත්වය සමග සිසු සිසුවියන් පිටතට යෑම වැළැක්වීම සඳහා විදුහල්පතිවරයා පාසලේ ගේට්ටුව වසා දැමීමට උපදෙස් දී ඇති අතර, ඊට උරණ වූ මව්පියන් පිරිසක් පාසලට පැමිණ විදුහල්පතිවරයාට පහරදී තිබුණි.
පහරදීමෙන් තුවාල ලැබූ විදුහල්පතිවරයා රෝහල්ගත කර තිබේ.
පාසල තුළ ඇතිවූ තත්ත්වය සමතයකට පත් කරන්නට ග්‍රෑන්ඩ්පාස් හා දෙමටගොඩ පොලිස් නිලධාරීන්ට අමතරව, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද විදුහලට කැඳවීමට පියවර ගැනුණි.
විදුහල්පතිවරයාගේ උපන් දිනයද අදට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් ඔහු දරුදැරියන්ට ටොෆී හා ලොලිපොප් බෙදා දී තිබූ බවද වාර්තා වෙයි.
අනතුර සිදුවූ ස්ථානයේ ස්ථානීය අපරාධ පරීක්ෂණයක් සහ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකෙරුණි.
ඒ අලුත්කඩේ අංක 4 වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත හේරත් මහතා විසිනි.
එමෙන්ම වැඩිදුර පරීක්ෂණ සඳහා මහෙස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහල වෙතද පැමිණි සිටියේය.
අනතුරට හේතුව, ජල කරාම සවිකර ඇති ඉදිකිරීම නිසි ප්‍රමිතියෙන් ගොඩනංවා නොතිබීම බවට මව්පියන් හා අසල්වාසීන් චෝදනා කරයි.
එම ඉදිකිරීම පොළවට නිසි පරිදි සම්බන්ධ කර නොමැති බව දර්ශනවලින්ද මනාව දැකගත හැකිය.
ජල කරාම සවිකර ඇති ප්‍රමිතියෙන් තොර තවත් මෙවැනිම ඉදිකිරීම් එම විදුහලේ ඇති බව අද දෙරණට නිරීක්ෂණය වුණි.
කෙසේ වෙතත් මේ නොසැලකිල්ලට අවසානයේ වන්දි ගෙව්වේ අහිංසක මල් කැකුළකි.
සෙහන්සා යළිත් පාසල් නාවත්, පන්ති කාමරයේ ඇයගේ මේසය, පුටුව හිස් වුණත් ඇය සමුගන්නේ පාසලේ හැමදෙනා අතර මතකයක් වෙමිනි.
ඒ වගේම අවදානම්සහගත ඉදිකිරීම් මින් පසු පාසලක නොතිබිය යුතු බවට වන පණිවුඩයත් ලබාදී බලධාරීන්ගේ ඇස් අවදිකරමිනි
🅺︎🅰︎🅽︎🅳︎🆈︎ 🆃︎🅸︎🅼︎🅴︎ 🅽︎🅴︎🆆︎🆂︎.🅲︎🅾︎🅼︎